ගොවිජන මන්දිරය යළි කෘෂිකර්ම අමාත්‍යංශයට

ගොවිජන මන්දිරය යළි කෘෂිකර්ම අමාත්‍යංශයට

by Staff writer 13-12-2019 | 7:21 AM
COLOMBO (News 1st) : ගොවිජන මන්දිරය යළි ත් කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. දශක ගණනාවක් කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගිය ගොවිජන මන්දිරය, පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා සඳහා බව පවසමින් කැබිනට් පත්‍රිකාවක් මගින් පාර්ලිමේන්තුවට පැවරීමට පියවර ගත්තේ ය. කෙසේ වෙතත් එම ගොඩනැගිල්ල කිසිදු ප්‍රයෝජනයකට නොගෙන දිගු කාලයක් වසා දමා තිබූ බව විදුර වික්‍රමානායක මහතා සඳහන් කළේ ය. ගොවිජන මන්දිරය, කෘෂිකර්ම අමාත්‍යංශයට යළි පවරා දීමෙන් අනතුරුව දැනට රාජගිරියේ බදු පදනම මත පවත්වාගෙන යන ස්ථානයෙන් එය ඉවත් කිරිමට හැකි වෙතැයි ඔහු විශ්වාසය පළ කළේ ය. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අදාළ ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනීම සඳහා වන ගිවිසුමේ අඩුපාඩු රැසක් පවතින බවයි.