කොළඹ ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

by Staff writer 13-12-2019 | 12:15 PM
COLOMBO (News 1st) : කොළඹ ප්‍රදේශ රැසකට අද රාත්‍රී 8 සිට හෙට රාත්‍රී 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ , මහ කොළඹ ජල සම්පාදනය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ නවීකරණ කටයුත්තක් හේතුවෙනි. ඒ අනුව කොළඹ 01, 10, 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති. මේ අතර එම කාල සීමාව තුළ කොළඹ 02 සහ 09 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.