ඕමන්තේ රිය අනතුරකින් පුද්ලයින් 5 දෙනෙකුට තුවාල

ඕමන්තේ රිය අනතුරකින් පුද්ලයින් 5 දෙනෙකුට තුවාල

by Staff writer 13-12-2019 | 9:03 AM
COLOMBO (News1st) : ඕමන්තේ අනතුරකින් හමුදා සෙබළූන් ඇතුළු 5 දෙනෙකුට තුවාල වව්නියාව, ඕමන්ත, වෙප්පන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, වෑන් රථයක් සහ කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් අතරින් 4 දෙනෙකුම යුද හමුදා සමාජිකයෝ වෙති. ඔවුන් ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළේ ය.