ස්විස් තානාපති කාර්යාල නිලධාරිය අදත් CIDය හමුවට

ස්විස් තානාපති කාර්යාල නිලධාරිය අදත් CIDය හමුවට

ස්විස් තානාපති කාර්යාල නිලධාරිය අදත් CIDය හමුවට

කර්තෘ Staff writer

13 Dec, 2019 | 6:53 am

COLOMBO (News 1st) : කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන , ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද පස් වැනි දිනටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

මේ අතර , කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අදාළ කාන්තාවට පනවා තිබූ , අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම වැළැක්වීමේ නියෝගය ලබන 17 වැනිදා දක්වා යළි දිර්ඝ කර තිබේ.

එම කාන්තාව අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඉදිරි ප්‍රකාශ ලබා ගැනීම , කොළඹ ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ නිල නිවසේදී සිදු කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් කරන්නැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා දැඩි විරුද්ධත්වය දැක්වු අතර අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]