by Staff writer 13-12-2019 | 8:07 PM
COLOMBO (News 1st): 2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරු තුසිත දිළුම් කුමාර නැමැත්තාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද විදෙස් ගමන් තහනමක් පැනවූවා ය.
ඒ, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය අධිකරණ හමුවේ කළ කරුණු දැක්වීමකින් පසුවයි.
2016 පෙබරවාරි 28 වැනිදා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදුකළ බව සිද්ධියකට අදාළව අපරාධ කොට්ඨාශය යළි විමර්ශනයක් ආරම්භ කර තිබේ.
හිටපු අමාත්‍යවරයා සහ රියැදුරු රටින් පිටවීම වැළැක්වීම සඳහා විදෙස් ගමන් තහනමක් පනවන්නැයි අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අවසර දුන් අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ තහනම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ද නියෝග කළා ය.