ස්විස් තානාපති නිලධාරිනිය යළි CID හමුවට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය යළි CID හමුවට

by Staff writer 12-12-2019 | 10:20 AM

COLOMBO (News 1st) - කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට අද යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින තුනකදී ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේ ය. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයකට අනුවයි. අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් අද අධිකරණය දැනුවත් කෙරෙනු ඇති. මේ අතර මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා යළි සිය රට කැඳවා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ තහවුරු කළේ අප කළ විමසීමකදීයි.