බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද

by Staff writer 12-12-2019 | 6:56 AM

News 1st - බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ඡන්ද විමසීම අද පැවැත්වේ.

වසර 5 ක් තුළ එරට පැවැත්වෙන තෙවන මහ මැතිවරණය මෙයයි. මෙරට වේලාවෙන් පස්වරු 12.30 ට ආරම්භ වන ඡන්ද විමසීමේදී එරට පාර්ලිමේන්තුවට තෝරාපත් කරගන්නා සභිකයින් ගණන 650 කි. මෙවර මහ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වන්නේ, අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් සහ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් ය. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇති පසුබිමකදී මෙවර මැතිවරණය පැවැත්වීම විශේෂත්වයකි. බෝරිස් ජොන්සන් බීබීසී ලෝක සේවය සමග පැවති අවසන් සම්මුඛ සාකච්ජාවේදී ප්‍රකාශ කළේ, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්කරගත හැකි වුවහොත් පමණක් රටක් ලෙස ඉදිරියට යා හැකි බවයි. බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට පෙරවරුවේ නිකුත් කෙරෙනු ඇති.