මත්පැන් අලෙවි කළ සුරාසැල් 4 කට සීල්

පෝය දිනයේ මත්පැන් අලෙවි කළ සුරාසැල් 4 කට වැඩ වරදී

by Staff writer 12-12-2019 | 12:14 PM

COLOMBO (News 1st) - පොහෝ දිනයේ මත්පැන් අලෙවි කළ සුරාසැල් 4 කට මුද්‍රා තැබූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, නිවාඩු දින ආඥාපනත හා සුරාබදු ආඥා පනත උල්ලංඝණය කිරීමේ චෝදනා මතයි. කොළඹ, මීගමුව සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල පිහිටි මත්පැන් අලෙවිසැල් 4 කට එලෙස මුද්‍රා තබා තිබේ. අදාළ වෙළෙඳසැල් හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේ ය. මේ අතර උත්සව සමයේ විශේෂ වැටලීම් සඳහා සුරාබදු නිලධාරී ඒකක දෙකක් පිහිටුවා තිබේ. ඉන් එක් ඒකකයක් පිහිටුවා ඇත්තේ, බලපත්‍ර නොමැති සුරාසැල් හා නීතිවිරෝධි අලෙවි කිරීම් වැටලීම සඳහායි. සුරා අපරාධ පිළිබඳ වැටලීම් සිදු කිරීම් සඳහා අනෙක් ඒකකය පිහිටුවා තිබේ. එම වැටලීම් ජනවාරි මස 5 වැනි දා දක්වා ක්‍රියාත්මකයි.