ගම්මැද්දෙන් තවත් ගමක ජල ගැටලුවකට විසඳුම්

ගම්මැද්දෙන් තවත් ගමක ජල ගැටලුවකට විසඳුම්

by Staff writer 12-12-2019 | 8:47 PM
COLOMBO (News 1st) : ගම්මැද්ද තවත් ප්‍රජා සත්කාරයක් ලෙස අද කතරගම, ගෝතමීගම ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දුන්නේ ය. බීමට පිරිසිදු ජල බිඳක් නොමැතිව ලතැවුණූ, ගෝතමීගම පවුල් 50ක ජනතාව ගම්මැද්ද ප්‍රජා සත්කාර සේවාවෙන් ඉල්ලා සිටියේ දරුවන්ට පිරිසිදු ජලය ලබා ගැනීමේ අයිතිය පමණි. ඒ අනූව ක්‍රියාත්මක වූ ගම්මැද්ද, ලීටර් 10 000ක් ජල ටැංකියක් සහිත කුළුණක් සමග, ජල ව්‍යාපෘතියක් අද ඔවුන්ට තිළිණ කළේ ය. ඒ, අභාවප්‍රාප්ත ප්‍රවීන ක්‍රිකට් විචාරක ටෝනි ග්‍රෙග් මහතාගේ බිරිඳ වන විවියන් ග්‍රෙග් මහත්මියගේ හා ලෙච්මි පී. හතිරමනී මහත්මියගේ මූල්‍ය දායකත්වය සමගිනි. ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමත් සමග, කතරගම කිරි වෙහෙර වහන්සේට පළමු ජල කොටස පූජා කිරීමටද ගම්මුන් කටයුතු කළේ මහත් බැතියෙනි. https://www.facebook.com/NewsfirstSL/videos/574157923373893/