කොළඹ මහනගර සභාවේ අයවැය සම්මතයි

කොළඹ මහනගර සභාවේ අයවැය සම්මතයි

by Staff writer 12-12-2019 | 10:20 PM
COLOMBO (News 1st) : කොළඹ මහනගර සභාවේ 2020 අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීම අද රාත්‍රී පැවැත්විණ. එහිදි අයවැයට පක්ෂව, ජන්ද 78 ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ, ඡන්ද 13 පමණි. ඒ අනුව වැඩි ජන්ද 65 කින් කොළඹ මහනගර සභාවේ 2020 අයවැය සම්මත විය. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය විසින් අයවැය යෝජනාව සභාවට අද උදෑසන ඉදිරිපත් කරනු ලැබී ය.