එළවළු මිල ගණන් ඉහළට

එළවළු මිල ගණන් ඉහළට

by Staff writer 12-12-2019 | 9:47 AM

COLOMBO (News 1st) - උඩරට සහ පහතරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව ලික්ස්, කැරට්, බීට්, බෝංචි ඇතුළු උඩරට එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ 60% කින් පමණය. බණ්ඩක්කා, මෑකරල්, කරවිල, පතොල, බටු ඇතුළු පහතරට එළවළු මිල 100 කින් ඉහළ ගොස් තිබේ. එලෙස මිල ඉහළ යාමට හේතුවී ඇත්තේ පවතින කාලගුණික තත්ත්වයත් සමග නිෂ්පාදන අඩුවීමයි.