21 ප්‍රහාරය: අතුරු වාර්තාවක් 22 වැනි දා ජනපතිට

21 ප්‍රහාරය සෙවීමට පත්කළ ජනපති කොමිසමේ අතුරු වාර්තාවක් ලබන 22 වැනි දා ජනපතිට

by Staff writer 11-12-2019 | 7:24 AM

COLOMBO (News 1st) - අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාවක් ලබන 22 වැනි දා ජනාධිපතිතුමාට භාරදීමට සැලසුම් කර තිබේ.

එම කොමිසම සඳහන් කළේ, ඊයේ දිනයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් බවයි. කොමිසමේ ඇරයුමකට අනුව මෙම සාක්ෂි ලබාදීම සිදු කර තිබේ. මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ පුද්ගලයින් 20 කට අධික පිරිසක් සාක්ෂි ලබා දී ඇති බව කොමිසමේ නිලධාරියෙකු පැවසුවේ ය. ඒ අතර කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද වේ. ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 106 කි. සාක්ෂි විමසීම තවදුරටත් සිදුවන බව අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම පැවසුවේ ය.