සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 26 වන දා

සා/පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 26 වන දා

by Staff writer 11-12-2019 | 3:02 PM
COLOMBO (News 1st) : අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 26 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, අදියර දෙකක් යටතේ එය ක්‍රියාත්මක බවයි. පළමු අදියර ලබන 26 වන දා සිට ජනවාරි 4 වන දා දක්වා ක්‍රියාත්මකයි. දෙවන අදියර ජනවාරි 18 වන දා ආරම්භ වන අතර එය අවසන් වන්නේ ජනවාරි 26 වනදා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසී ය. මධ්‍යස්ථාන 82 කදී ක්‍රියාත්මක පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සහභාගී වන ගුරුවරුන් සංඛ්‍යාවක් 35,000කි. මේ අතර සාමාන්‍ය පෙළ විභාග ඇගයීම් සඳහා පරීක්ෂකවරුන් පුහුණු කිරීම ලබන 18 සහ 19 වන දෙදින සිදු කිරීමට නියමිතයි.