ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනිය හෙට යළිත් CIDයට

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය හෙට යළිත් CIDයට

by Staff writer 11-12-2019 | 6:28 PM
COLOMBO (News 1st) : කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික නිලධාරිනිය වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට හෙට යළිත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන්, ඇයගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දින 03 දී ප්‍රකාශ සටහන් කර ගත්තේ ය. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයකට අනුවයි. හෙට යළි ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිත අතර, විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව එහිදී අධිකරණය දැනුවත් කෙරෙනු ඇති. මේ අතර ඊයේ රාත්‍රී රැස්වූ ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ද මෙම සිද්ධිය පිළිබඳව අවධානය යොමු වී තිබේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් , මාධ්‍යවේදීන් අද මහනුවරදී විමසා සිටියේ මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයාට යළි සිය රටට කැඳවීමක් කර ඇත්ද යන්නයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ සිටින තම තානාපතිවරයා සිය රටට කැඳවා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවයි. තානාපතිවරයා තවදුරටත් කොළඹ සිය රාජ්‍යතාත්ත්‍රික කටයුතු සිදුකරමින් ඇතැයි එරට විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.