ජපාන විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

ජපාන විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

by Staff writer 11-12-2019 | 4:22 PM
COLOMBO (News 1st) : ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්ෂු මොටෙගි මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජපාන විදේශ අමාත්‍යවරයා මෙරට සංචාරයක නිරත වන්නේ නව රජයට සුබ පැතුම් එක් කරමින් ශ්‍රී ලංකාව සමඟ පවත්නා මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අපේක්ෂාවෙනි. මෙම සංචාරයේදී ජපාන විදේශ අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීමට  නියමිතයි.