ඌවට සහ නැගෙනහිරට තවදුරටත් වැසි

ඌවට සහ නැගෙනහිරට තවදුරටත් වැසි

by Staff writer 11-12-2019 | 5:16 PM
COLOMBO (News 1st) : ඌව සහ නැගෙනහිර පළාත්වලට තවදුරටත් වැසි පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. ගිඟුරුම් සහිත වැසි සමග තද සුළං ද ඇති විය හැකි වේ. අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ක් සඳහා යළි නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එහි , නායයෑම් අධ්‍යන අංශයේ ජ්‍යේෂ් භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, වලපනේ සහ හඟුරන්කෙත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළ බවයි.