ඇල්පිටිය ප්‍රා. සභාවේ සභාපති හා උපසභාපති නම් කෙරේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපතිගේ නම් ගැසට් කෙරේ

by Staff writer 11-12-2019 | 12:19 PM

COLOMBO (News 1st) - ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයාගේ සහ උපසභාපතිවරයාගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එහි සභාපතිවරයා වන්නේ, පොන්නම්පෙරුම ආරච්චිගේ කරුණාසේන මහතායි. උපසභාපතිවරයා ලෙස නාගොඩ විතානගේ ජයසේන මහතා නම් කර ඇත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයින් තිදෙනාගේ අත්සනින් යුතුව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මෙම තනතුරු ප්‍රකාශයට පත් කෙරුණි. පසුගිය ඔක්තෝබර් මස 11 වැනි දා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී කොට්ඨාස 17 ම ජය ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එහි ජය තහවුරු කර ගත්තේ ය. ඒ අනුව එම පක්ෂයට හිමි වූ සභික සංඛ්‍යාව 17 කි. එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 7 දෙනෙකු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් තිදෙනෙකු තේරී පත්විය. ජනතා විමුක්ති පෙරමුණෙන් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට තේරි පත් වූ සභික සංඛ්‍යාව 2 කි.