නිව්ජර්සිහී වෙඩි තැබීමකින් 6ක් මරුට

අමෙරිකාවේ සාප්පුවක සිදු වූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මරුට

by Staff writer 11-12-2019 | 8:17 AM

News 1st - අමෙරිකාවේ නිව්ජර්සි නගරයේ සාප්පුවක් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය අය අතරට වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් දෙදෙනා සහ සිවිල්වැසියන් තිදෙනෙකු ද අයත් බවයි. සිද්ධියට සම්බන්ධ පුරුෂයා සහ කාන්තාව මාර්ගයේ ගමන් කළ ඕනෑම අයෙකුට වෙඩි තැබීමේ නිරතව සිටි අතර ඔවුන් සතුව බෝම්බ ද සොයාගෙන තිබේ. මේ හමුවේ නිව්ජර්සිහි පාසල් 12 ක් සහ ආශ්‍රිත මාර්ග ද වසා දැමුණි.