අද සිට වැසි අඩුවන බවට කාලගුණයෙන් අනාවැකි

අද සිට වැසි අඩුවන බවට කාලගුණයෙන් අනාවැකි

by Staff writer 11-12-2019 | 10:35 AM

COLOMBO (News 1st) - උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වය අද සිට තාවකාලිකව අඩුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 - 100 අතර තරමක තද වැසි ඇතිවිය හැකි බවයි. දකුණ, ඌව පළාත්වලත්, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුව පැවසුවේ ය. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 - 55 ත් දක්වා ඉහළ යා හැකි අතර තරමක් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවනවිට එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 - 80 දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.