by Staff writer 11-12-2019 | 8:26 AM
COLOMBO (News 1st) - නුගේගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10.00 සිට හෙට අලුයම 5 දක්වා පැය 7 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ, අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙනි.
ඒ අනුව මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නාවල, ගංගොඩවිල සහ උඩහමුල්ල ප්‍රදේශවලට එම කාලසීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.