ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 11-12-2019 | 6:02 AM

දේශීය පුවත්

1. MCC ගිවිසුම අත්සන් කිරීමට නිශ්චිත දිනයක් නැහැ – අමෙරිකානු තානාපති කාර්යාලය: එම්.සී.සී හෙවත් අමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට නිශ්චිත දිනයක් හෝ කාලසීමාවක් නැතැයි මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. 2. මාවනැල්ල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකු පැහැර ගැනේ: මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභා භූමියේදීම ඊයේ උදෑසන පැහැර ගැනීමකට ලක්ව තිබේ. 3. ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානී මදුක තක්සලට ප්‍රහාරයක්: ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානී මදුක තක්සල ප්‍රනාන්දු මහතාට කිසියම් පිරිසක් පහර දී තිබේ. 4. සම්බා හා නාඩු සහල්වලට අද සිට උපරිම සිල්ලර මිලක්: සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 99 කටත්, නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක උපරිම සිල්ලර මිලකටත් නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වී තිබේ. 5. කහවත්තේදී 68 හැවිරිදි කාන්තාවක් ඝාතනය කෙරේ: කහවත්ත, දළුග්ගල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

විදෙස් පුවත්

6. නැගෙනහිර යුක්‍රේනයේ පූර්ණ සටන් විරාමයකට එළැඹීමට යුක්‍රේනයේ හා රුසියාවේ එකඟත්වය: නැගෙනහිර යුක්‍රේනයේ පූර්ණ සටන් විරාමයකට එළැඹීමට යුක්‍රේනය සහ රුසියාව එකඟත්වය පළකර තිබේ.