Semi Luxury බස්වලට මොකද වෙන්නේ?

Semi Luxury බස්වලට මොකද වෙන්නේ?

by Staff writer 10-12-2019 | 7:52 AM

COLOMBO ( News 1st ) - අර්ධ සුඛෝපභෝගී (Semi Luxury) බස් රථ සේවය ද ඉවත් කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

ඒ, මගීන්ට පහසුකම් සපුරාලීමකින් තොරව බොහෝ බස් රථ සේවයේ යෙදවීම හේතුවෙනි. වැඩි මුදලක් ගෙවමින් මගී ජනතාව අපේක්ෂා කරන ගුණාත්මක සේවාවක් ඒ තුළින් ඉටු නොවීම පිළිබඳ අවධානය යොමු කර මෙම පියවර ගන්නා බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ මෙම කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කර අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සඳහා කඩිනමින් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවයි. මේ අතර අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තු සාමාන්‍ය ගාස්තු දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, නාරාහේන්පිට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වෙමින් ය.