සම්බා හා නාඩුවලට උපරිම සිල්ලර මිලක්

සම්බා හා නාඩු සහල්වලට අද සිට උපරිම සිල්ලර මිලක්

by Staff writer 10-12-2019 | 5:46 PM

COLOMBO (News 1st) - සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 99 කටත්, නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක උපරිම සිල්ලර මිලකටත් අද සිට නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ වී තිබේ.

ඒ, ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ පැවති සාකච්ඡාවකදීය. මුදල් අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන් ද මෙම සාකච්ඡාවට සහභාගී වූ බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ ය. මෙම තීරණයත් සමග දැනට ඉහළ මිලකට අලෙවි වන සහල් මිල යළි පහළ යනු ඇති බව ඔහු පැවසීය.