ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ඇරඹේ

ශ්‍රී පාදයට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම ඇරඹේ

by Staff writer 10-12-2019 | 8:31 AM

COLOMBO ( News 1st ) - මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරමින් සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩමළුව වෙත වැඩම කරවීම මේ වනවිට ආරම්භ කර තිබේ.

ඒ, අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ වැඩම කරවීම අද අලුයම ආරම්භ කළේ, සුභ මොහොතින් ය. ශ්‍රී පාද වන්දනා සමය හෙට ආරම්භවන අතර එය ලබන වසරේ මැයි පුරපසළොස්වක පෝය දක්වා පැවැත්වේ.