ලේක්හවුස් ආයතනයේ හිටපු ප්‍රධානියෙකුට ප්‍රහාරයක්

ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානී මදුක තක්සලට ප්‍රහාරයක්

by Staff writer 10-12-2019 | 6:04 PM

COLOMBO (News 1st) - ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය අංශයේ හිටපු ප්‍රධානී මදුක තක්සල ප්‍රනාන්දු මහතාට කිසියම් පිරිසක් පහර දී තිබේ.

මදුක තක්සල ප්‍රනාන්දු මහතා නිව්ස්ෆස්ට් වෙත සඳහන් කළේ, ලේක්හවුස් ආයතනයේ රැස පුවත්පත් දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි වෘත්තිය සමිති නියෝජිතයින් පිරිසක් තමාට පහර දුන් බවයි. මේ සම්බන්ධයෙන් මදුක තක්සල ප්‍රනාන්දු මහතා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද කර ඇත. නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන බවයි. පහරදීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇතැයි ද පොලීසිය ප්‍රකාශ කළේ ය.