මිරිහානේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 7ක ජල කප්පාදුවක්

මිරිහාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට පැය 7 ක ජල කප්පාදුවක්

by Staff writer 10-12-2019 | 4:31 PM

COLOMBO (News 1st) - මිරිහාන ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රී 10 සිට පසුදින අලුයම 5 දක්වා පැය 7 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙනි. ඒ අනුව මිරිහාන, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, නුගේගොඩ, නාවල, ගංගොඩවිල සහ උඩහමුල්ල ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.