by Staff writer 10-12-2019 | 7:24 PM
COLOMBO (News 1st) - මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභා භූමියේදීම අද උදෑසන පැහැර ගැනීමකට ලක්ව තිබේ.
මාවනැල්ල ප්‍රාදේශීය සභාව අද උදෑසන 10.00 ට රැස්වීමට නියමිතව තිබුණි.
ඊට සහභාගිවීම සඳහා ජාතික ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී චන්දන රුවන් කුමාර මහතා සභා භූමියට පැමිණෙනවාත් සමග මෙලෙස පැහැර ගැනීම සිදු විය.
අනතුරුව දහවල් 12.00 ට පමණ මාවනැල්ල හිඹුල ප්‍රදේශයේ මන්ත්‍රීවරයා දමා ගොස් ඇති අතර ඔහු පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.