මරණ දඬුවම නියම ව සිටි 'සර්පයා' නිදහස්

මරණ දඬුවම නියම ව සිටි 'සර්පයා' නිදහස් කිරීමට අභියාචනාධිකරණයෙන් නියෝග

by Staff writer 10-12-2019 | 6:22 PM

COLOMBO (News 1st) - මරණ දඬුවම නියමව සිටි සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී හසිත මුහන්දිරම් හෙවත් 'සර්පයා' නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබේ.

ඒ, මරණ දඬුවම ලබා දෙමින් රත්නපුර මහාධිකරණය නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ඔහු ගොනු කළ අභියාචනා පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි. රත්නපුර ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයකට යටකර මරා දැමීම සම්බන්ධයෙන් වරදකරු කරමින් 2014 වසරේ දෙසැම්බර් 11 වන දින රත්නපුර මහාධිකරණය හසිත මුහන්දිරම් මහතාට මරණ දඬුවම නියම කළේ ය. තීන්දුව අවලංගු කර තමා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ඔහු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබුවේ ය. එය විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඔහු නිදහස් කිරීමට නියෝග කළා ය.