by Staff writer 10-12-2019 | 4:12 PM
COLOMBO (News 1st) - කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය අද තෙවන දිනටත් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
අද පෙරවරු 9.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි ඇය පස්වරු 1.45 දක්වා එහි රැඳි සිට ප්‍රකාශයක් ලබා දුන්නා ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, අද පස්වරුවේ යළි ඇයට දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන්නැයි දැනුම් දුන් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 6 ක ප්‍රකාශයක් ලබා දුන්නා ය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ පෙරේදා පස්වරු 5.30 සිට පසු දා අලුයම 2.30 දක්වා පැය 9 ක කාලයක් ඇයගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවයි.