කළු තුෂාරට මරණ දඬුවම

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළු තුෂාරට මරණ දඬුවම

by Staff writer 10-12-2019 | 2:10 PM

COLOMBO ( News 1st ) - ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් 'කළු තුෂාර' හෙවත් නැමැත්තාට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය.

කොළඹ මහාධිකරණකළු තුෂාරට මරණ දඬුවම විනිසුරු ගිහාන් කුලතුංග මහතා මොහුට මරණ දඬුවම නියම කළේ, හෙරොයින් ග්‍රැම් 25.77 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නගා තිබූ අධිචෝදනා 2කට වරදකරු කරමින් ය. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණේ 2017 වසරේ මැයි 12 වැනි දිනයි. යතුරු පැදියකින් යමින් සිටියදී කොළඹ සේදවත්ත ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 59 කි.