by Staff writer 10-12-2019 | 8:54 AM
News 1st - නැගෙනහිර යුක්‍රේනයේ පූර්ණ සටන් විරාමයකට එළැඹීමට යුක්‍රේනය සහ රුසියාව එකඟත්වය පළකර තිබේ.
මේ වසර අවසානයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම ගිවිසුමට දෙරට එකඟවූයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමයර් සෙලෙන්ස්කි ඊයේ පැරිස් නුවරදී හමුව සාකච්ජා කිරීමෙන් පසුවයි.
මෙම සාකච්ජා පැවැත්වූයේ ප්‍රංශ සහ ජර්මානු නායකයන්ගේ මැදිහත්වීමෙන් ය.
යුක්‍රේන ආරක්ෂක අංශ සහ රුසියාවේ සහය ලැබූ කැරලිකරුවන් අතර වසර පහමාරක කාලයක් නැගෙනහිර යුක්‍රේනයේ පැවති ගැටුම්වලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 13,000 ඉක්මවයි.
දෙරට අතර රැඳවියන් හුවමාරුවකින් සහ යුක්‍රේනය නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රධාන ප්‍රදේශ තුනකින් සිය හමුදා ඉවත් කරගැනීමට පියවර ගැනීමෙන් පසු මෙම සටන් විරාමයට පසුබිම සකස් විය.
කෙසේ වෙතත් ඇතමුන් පෙන්වා දෙන්නේ, යුක්‍රේන ජනාධිපතිවරයා නැගෙනහිර යුක්‍රේනයේ සාමය ඇති කිරීමට ගත් හමුදාමය සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග රුසියාව පමණට වඩා යටත්වීමක් බවයි.
ප්‍රහසන නාට්‍ය නළුවෙකු වූ වොලොඩිමයර් සෙලෙන්ස්කි ඉකුත් අප්‍රේල් මස එරට ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගත් අතර ඔහුගේ මැතිවරණ පොරොන්දු තුළ නැගෙනහිර යුක්‍රේනයට සාමය ලඟා කරදීමට මුල්තැන හිමි විය.