පැය 16ක ජල කප්පාදුවක්

ජා-ඇල ජල යෝජනා ක්‍රමයේ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

by Staff writer 10-12-2019 | 7:26 AM

COLOMBO ( News 1st ) -  ජා-ඇල ජල සම්පාදන යෝජනා ක්‍රමයට අයත් ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

ඒ, ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ සිදුව ඇති කාන්දුවක් අලුත්වැඩියා කිරීම හේතුවෙන් ය. ඒ, අනුව පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය, ඇලෙන්එගොඩ, සේදවත්ත යන ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ ය.