කොළඹට ඇතුළුවන වාහනවලින් ගාස්තු අය කිරීමට අවධානය

කොළඹට ඇතුළුවන වාහනවලින් ගාස්තු අය කිරීමට අවධානය

by Staff writer 10-12-2019 | 7:42 AM

COLOMBO ( News 1st ) -  කොළඹට ඇතුළු වන වාහනවලින් ගාස්තු අය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය සඳහන් කළේ, අනවශ්‍ය ලෙස කොළඹට ඇතුළු වන වාහන සංඛ්‍යාව පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි. කොළඹට ඇතුළුවන වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් මාර්ග ආශ්‍රිතව ඇතිවන තදබදය පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් වර්ධනය වී ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේය. අමාත්‍යංශය ප්‍රකාශ කළේ, ඉන් පරිසරයට සිදුවන හානිය ද වැඩිවෙමින් ඇති බවයි. එම කරුණු පිළිබඳ අවධානය යොමු කර කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයක් තුළින් ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් වෙත අවධානය යොමුව තිබේ.