by Staff writer 10-12-2019 | 5:19 PM
COLOMBO ( News 1st ) - කහවත්ත, දළුග්ගල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 68 හැවිරිදි කාන්තාවකි.
පොලීසිය සඳහන් කළේ, ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බවයි.
ඔහු ඇප මත මුදාගැනීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර යළි නිවසට පැමිණෙමින් සිටියදී ඇය මෙලෙස ඝාතනයට ලක්ව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් දළුග්ගල ප්‍රදේශයේම පදිංචි 28 සහ 45 හැවිරිදි වියේ පසුවන්නන් ය.
සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.