by Staff writer 10-12-2019 | 2:47 PM
COLOMBO ( News 1st ) - මත්ද්‍රව්‍යවල නඩු ප්‍රමාණය පසුගිය වසර තුළ 150 % කින් වැඩි වී ඇතැයි අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ය.
එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ වැලිකඩ බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යා යුතු බවයි.
ඒ, සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.