මාවනැල්ල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකු පැහැර ගැනේ

මාවනැල්ල ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙකු පැහැර ගැනේ

කර්තෘ Staff writer

10 Dec, 2019 | 7:24 pm

COLOMBO (News 1st) – මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ප්‍රාදේශීය සභා භූමියේදීම අද උදෑසන පැහැර ගැනීමකට ලක්ව තිබේ.

මාවනැල්ල ප්‍රාදේශීය සභාව අද උදෑසන 10.00 ට රැස්වීමට නියමිතව තිබුණි.

ඊට සහභාගිවීම සඳහා ජාතික ජනතා පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී චන්දන රුවන් කුමාර මහතා සභා භූමියට පැමිණෙනවාත් සමග මෙලෙස පැහැර ගැනීම සිදු විය.

අනතුරුව දහවල් 12.00 ට පමණ මාවනැල්ල හිඹුල ප්‍රදේශයේ මන්ත්‍රීවරයා දමා ගොස් ඇති අතර ඔහු පොලීසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]