රත්‍රං සමග 4ක් අත්අඩංගුවට

ඉන්දියාවට රත්‍රං පන්නන්න හැදූ 4ක් අත්අඩංගුවට

by Staff writer 10-12-2019 | 4:55 PM

COLOMBO ( News 1 st ) - කල්පිටිය, කුඩාව වෙරළ තිරයේදී අද අලුයම රත්‍රං කිලෝ 10 ක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් අදාළ රත්‍රං තොගය බෝට්ටු මගින් ඉන්දියාව බලා රැගෙනයාමට උත්සහා කිරීමේදී අත්අඩංගුවට ගත් බවයි. රත්‍රං තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 900කට අධික වේ. මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක කර ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් කන්දකුලිය සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් ය. ඔවුන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.