පැල තවානට වතුර යොදා ගන්නා පොකුණ හාරා වැලි ජාවාරමක්

පැල තවානට වතුර යොදා ගන්නා පොකුණ හාරා වැලි ජාවාරමක්

by Staff writer 09-12-2019 | 2:59 PM

Colombo COLOMBO ( News 1st ) - පැල තවානට වතුර යොදා ගන්නා පොකුණ හාරා වැලි ජාවාරමක් සිදු කරන පුවතක් වාර්තා වේ.

හොරණ ගුරු ගොඩ පිහිටි රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ පැල තවාන සඳහා වතුර යොදා ගන්නා පොකුණ හාරා වැලි ජාවාරමක් සිදු කර ඇත. ඒ බව සැළ වී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අද පෙරවරුවේ එම ස්ථානයට ගොස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමග සාකච්ඡා කොට පොලීසිය දැනුවත් කළේ, මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් සිදු කොට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.