ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 09-12-2019 | 7:21 AM
දේශීය පුවත් 1. ප්‍රකාශයක් ලබා දීමට ආ ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය CID යෙන් පිටව ගිය බවට වාර්තා : කොළඹදී රඳවාගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව ගිය බවට වාර්තා වේ. 2. කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ :කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඊයේ තෝරා පත් කර ගත්තේ ය. 3. රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න ජනපති අතිරේක ලේකම් නීති ලෙස පත් කෙරේ : රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ජනාධිපති අතිරේක ලේකම් නීති ලෙස පත්කර ඇත. 4. රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්‍ෂවරයා බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි: රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා පත් කර තිබේ. 5. රජයේ විධායක නිලධාරීන්ට ලබන වසරේ සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් : රජයේ විධායක නිලධාරීන්ට ලබන 1 වැනි දා සිට රුපියල් 15,000 ක විශේෂ දීමනාවක් ලබාදීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. විදෙස් පුවත් 1. ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරුන් ට්‍රම්ප් ට එරෙහිව දෝශාභියෝග චෝදනා කෙටුම්පත් කිරීමට සැරසේ : අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරුන් ජනාධිපති ඩොනල්ඩ්ට ට්‍රම්ප්ට එරෙහිව දෝශාභියෝග චෝදනා කෙටුම්පත් කිරීමට සූදානම් වෙති. ක්‍රීඩා පුවත් 1. ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව යළි ත් වරක් ඇන්තනි ජොෂුවා හිමි කර ගනී : ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව යළි ත් වරක් හිමිකර ගැනීමට බ්‍රිතාන්‍යයේ සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා සමත් විය.