by Staff writer 09-12-2019 | 7:07 PM
COLOMBO (News 1st) - කොළඹ බහුතරයක් ජීවත්වන පවුල්වල පිරිමි දරුවන් පවුලේ ඇති ආර්ථික ගැටලු හේතුකරගෙන පාසල්වලින් ඉවත්ව ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස කටයුතු කිරීමට යොමුවෙලා තිබෙන බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක පවසයි.
ඇය ඒ බව පැවසූවේ, කොළඹ 02 නව ප්‍රජා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ උත්සවයට එක් වෙමිනි.
ද මෙල් උද්‍යානය ලෙස මෙම ප්‍රජා මධ්‍යස්ථානය නම් කර තිබේ.
රුපියල් මිලියන 10.5 ක මුදලක් වැය කරමින් ද මෙල් උද්‍යානය ඉදිකර ඇත.
පෙර පාසලක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, උත්සව ශාලා, පුස්තකාලයක්, සන්නිවේදන තාක්ෂණය සඳහා වෙන් වූ ආයතනයක් ඇතුළු තව ත් අංග රැසකින් මෙම ප්‍රජා මධ්‍යස්ථානය සමන්විතයි.