
රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි
රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි
කර්තෘ Staff writer
News 1st – අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය අද රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ.
ඒ අනුව ඔලිම්පික් අතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇති.
අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනයේ විධායක කමිටුව අද මෙම තීරණයට එළඹියේ ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමකදීය.
තහනම් උත්තේජක වංචාවන් හඳුනාගැනීම වැලැක්වීම සඳහා තහවුරු වූ උතේජක පරීක්ෂණවලට අදාළ ප්‍රතිඵල මකා දැමීමත්, රසායනාගාර දත්ත වෙනස් කිරීම සඳහා ව්‍යජ සාක්ෂි ඇතුළත් කිරීමත් වැනි කරුණු පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව 2020 ටොකියෝ ඔලිම්පික් සහ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී රුසියානු ජාතික ධජය එසවීම සහ ජාතික ගීය වාදනයට අවසර නොලැබෙනු ඇති.
කෙසේ වෙතත් තහනම් උත්තේජක අර්බුදයට සම්බන්ධ නොමැති බවට තහවුරු කිරීමට හැකි මලල ක්‍රීඩකයිනට ස්වාධීන ධජයක් යටතේ තරග කිරීම සඳහා හැකියාව ලැබෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..
- විපක්ෂ නායකවරයා තුර්කියේ සහ සිරියාවේ විපතට පත්වූවන්ට ශෝකය පල කරයි