“කොළඹ බහුතරයක් පිරිමි දරුවන් ත්‍රිරෝද රථ රියැදුරන් බවට පත්වෙලා” – රෝසි සේනානායක

“කොළඹ බහුතරයක් පිරිමි දරුවන් ත්‍රිරෝද රථ රියැදුරන් බවට පත්වෙලා” – රෝසි සේනානායක

කර්තෘ Staff writer

09 Dec, 2019 | 7:07 pm

COLOMBO (News 1st) – කොළඹ බහුතරයක් ජීවත්වන පවුල්වල පිරිමි දරුවන් පවුලේ ඇති ආර්ථික ගැටලු හේතුකරගෙන පාසල්වලින් ඉවත්ව ත්‍රිරෝද රථ රියැදුරන් ලෙස කටයුතු කිරීමට යොමුවෙලා තිබෙන බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක පවසයි.

ඇය ඒ බව පැවසූවේ, කොළඹ 02 නව ප්‍රජා මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ උත්සවයට එක් වෙමිනි.

ද මෙල් උද්‍යානය ලෙස මෙම ප්‍රජා මධ්‍යස්ථානය නම් කර තිබේ.

රුපියල් මිලියන 10.5 ක මුදලක් වැය කරමින් ද මෙල් උද්‍යානය ඉදිකර ඇත.

පෙර පාසලක් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, උත්සව ශාලා, පුස්තකාලයක්, සන්නිවේදන තාක්ෂණය සඳහා වෙන් වූ ආයතනයක් ඇතුළු තව ත් අංග රැසකින් මෙම ප්‍රජා මධ්‍යස්ථානය සමන්විතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]