නිෂාරා ජයරත්න ජනපති අතිරේක ලේකම් නීති ලෙස පත් කෙරේ

රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න ජනපති අතිරේක ලේකම් නීති ලෙස පත් කෙරේ

by Staff writer 08-12-2019 | 6:15 PM

COLOMBO ( News 1st ) - රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ජනාධිපති අතිරේක ලේකම් නීති ලෙස පත්කර ඇත.

ඒ, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ අත්සනින් නිකුත් කෙරුණු පත්වීම් ලිපියකිනි. ඒ, අනුව නිශාරා ජයරත්න මෙනවිය මෙම තනතුරේ අර්ධකාලීනව රාජකාරී කිරීමට නියමිතව ඇති අතර නීතිපති දෙපාර්තමේන්තුවේ ද රාජකාරී සිදුකරනු ඇති. නව පත්වීමට අදාළ රාජකාරී හෙට ආරම්භ කරන බව නිවුස් ෆස්ට් කළ විමසීමකදී නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළා ය. ඇය මේ වනවිට නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරිය ලෙස කටයුතු කරයි.