යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක තනතුර අලුත් වෙයි

යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක තනතුර බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහට

by Staff writer 08-12-2019 | 1:03 PM

COLOMBO (News 1st) - යුද හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

ඒ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසිනි. යුද හමුදා මුලස්ථානය සඳහන් කළේ, නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලබන 17 වැනි දා සිය ධුරයේ රාජකාරී ආරම්භ කරන බවයි. ඔහු ගජබා රෙජිමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙකි. 2017 වසරේ දෙසැම්බර් සිට එම ධුරයේ කටයුතු කළේ මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු මහතායි. ඔහු ලබන 17 වැනි දා සිට යුද හමුදා මුලස්ථානයට අනුයුක්ත කර ඇති අතර සුමිත් අතපත්තු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ දක්ෂ නිලධාරියෙකි.