යළිත් නායයාම් ගැන අනතුරු ඇඟවීම්ක්

මහ වැස්සෙන් 11,793 දෙනෙකු අවතැන්

by Staff writer 08-12-2019 | 5:43 PM

COLOMBO ( News 1st ) -  දිවයින බලපා ඇති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පවුල් 3,691කට අයත් පුද්ගලයින් 11,793 දෙනෙකු අවතැන් වී තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් පුද්ගලයින් 149,100 දෙනෙකුට බලපෑම් එල්ල වී ඇති බවයි. මේ හේතුවෙන් නිවාස 1,131 කට හානිවී තිබේ. ඒ, අතරට පුර්ණ නිවාස හානි 27ක් ඇතුළත් වේ. මේ අතර අද පස්වරුවේ බදුල්ල, මහනුවර, නුවරඑළිය, රත්නපුර හා මොණරාගල දිස්ත්‍රික්කවලට යළි නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළේ ය. එමෙන්ම අධික වර්ෂාවත් සමග ජලාශ 34 ක් වාන් දමමින් පවතී. මේ අතර මුහුදුයාමේදී විමසිලිමත් වන්නැයි ධීවර දෙපාර්තුමේන්තුව ධීවර ප්‍රජාවට දැනුම් දෙයි. ඒ මුහුදේ සුළං වේගය පැයට කිලෝමිටර් 80ක් පමණ දක්වා ඉහළයාම හේතුවෙනි. මේ අතර, අම්පාර, මඩකලපුව, මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට මිලිමිටර් 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොලොන්නරුව, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ක පමණ වැසි ඇතිවිය හැකියි.