මහවැලි ගගේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයකු මරුට

මහවැලි ගගේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයකු මරුට, දෙදෙනෙකු අතුරුදන්

by Staff writer 08-12-2019 | 11:28 AM

COLOMBO (News 1st) - ත්‍රීකුණාමලය, කින්නියාහි මහවැලි ගගේ සැඩ පහරට හසුව ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තව ත් දෙදෙනෙකු අතුරුදන් ව තිබේ.

අද උදෑසන එම අනතුර සිදුවන විට ඔරුවේ යාත්‍රා කරමින් සිටි පුද්ගලයින් ගණන 5 කි. ඉන් එක් අයෙකු ගොඩබිමට පිහිනා විත් දිවි බේරා ගෙන ඇතැයි පොලීසිය පැවසීය. තව ත් අයෙකු බේරාගෙන ඇත්තේ වෙනත් බෝට්ටුවක ගමන්ගත් පිරිසකි. අනෙක් පුද්ගලයින් දෙදෙනා ඔරුවත් සමග මුහුදට ගසාගෙන ගොස් තිබේ. ඔවුන් සොයා නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේ ය.