නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිවරුන්ට නීතිමය පියවර

නිල නිවාස හා නිල වාහන භාර නොදුන් හිටපු ඇමතිවරුන්ට නීතිමය පියවර

by Staff writer 08-12-2019 | 7:42 AM

COLOMBO (News 1st) - මෙතෙක් නිල නිවාස හා නිල වාහන භාර නොදුන් පසුගිය රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගත් බවය. මෙතෙක් පසුගිය රජයේ අමාත්‍යවරුන්ගේ තම නිල නිවාස හා නිල වාහන භාර දී ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා පමණක් බව ද ලේකම්වරයා පැවසීය. ඔහු සඳහන් කළේ, උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගෙන් ද උපදෙස් ලබා ගත් බවයි. හිටපු අමාත්‍යවරුන් විසින් තමන් භාවිත කළ නිල නිවාස හා නිල වාහන මෙතෙක් භාර නොදීමෙන් නව රජයේ අමාත්‍යවරුන්ට නිල නිවාස ලබාදීමට නොහැකි වී ඇති බව සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ය.