ගංවතුර හා නාය යෑම් හේතුවෙන් නිවාස 1049 කට හානි

ගංවතුර හා නාය යෑම් හේතුවෙන් නිවාස 1049 කට හානි - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

by Staff writer 08-12-2019 | 7:18 AM

COLOMBO (News 1st) - ගංවතුර හා නාය යෑම් හේතුවෙන් මේ වනවිට නිවාස 1049 කට හානි සිදු ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ අතර පූර්ණ නිවාස හානි 27 ක් ද වාර්තා වන බවයි. ඒ සඳහා අත්තිකාරම් ලබාදීමට රුපියල් මිලියන 4.2 ක් ලබා දී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.