කැලණිය රජමහා විහාරයේ දායක සභාවට නව සභාපතිවරයෙක්

කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ නව සභාපති වෛද්‍ය සමන් වීරසිංහ

by Staff writer 08-12-2019 | 6:27 PM

COLOMBO ( News 1st ) - කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ලෙස වෛද්‍ය සමන් වීරසිංහ මහතා අද තෝරා පත් කර ගත්තේ ය.

ඒ, පස්වරුවේ රැස්වූ විහාරස්ථ දායක සභා රැස්වීමේදී ය. දායක සභාව අවසන් වරට රැස්වූ අවස්ථාවේදී එහි සභාපති ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළේ ය.