රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්‍ෂවරයෙක්

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්‍ෂවරයා බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි

by Staff writer 08-12-2019 | 4:45 PM

COLOMBO ( News 1st ) - රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා පත් කර තිබේ.

යුද හමුදා නිලධාරියෙකු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස පත්වුණු පළමු අවස්ථාව ද මෙයයි. ඔහු යුරෝපයේ වසර 3ක කාලයක් සහ මැලේසියාවේ වසර 2ක කාලයක් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙසද කටයුතු කළේ ය. බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතා මීට පෙර හමුදා බුද්ධි අංශයේ ප්‍රධානි ධූරයේ ද කටයුතු කර ඇත. ඔහු 1987 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වන්නේ, කැඩෙට් නිලදාරියෙකු ලෙසට ය. මේ අතර මීට පෙර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානයට අනියුක්ත කර තිබේ.